ලෝක රූ රැජින තරගයේ Head to Head අභියෝගයේ ආසියාවේ මුල් 05 අතරට අනුදිත්

72 වන ලෝක රූ රැජින තරගයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින අනුදි ගුණසේකරට හැකි ව තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් මෙන් ම ඓතිහාසික වන්නේ ලෝක රූ රැජිණ තරගයක දී Head to Head අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීම නිසාවෙන්.

මෙම වසරේ Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරගකාරිය බවට ද අනුදි ගුණසේකර පත්වෙමින් වාර්තාවක් තැබීමට ද සමත් වුණා.

අද (23) ඇය අවසන් මහා තරගයට මුහුණ දෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවේ ආශිර්වාදය හා සුබ පැතුම් මධ්‍යයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
41
+1
1
+1
7
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?