ලෝක ප්‍රසිද්ධ ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ සමනිර්මාතෘ දිවි ගමනින් සමුගනී

ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ බොබ් වීර් මියගොස් තිබෙනවා.

‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙස කටයුතු කළ බොබ් වීර් මියයන විට 78 වන වියේ පසු වුණා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ පිළිකාවක් හේතුවෙන් ඊයේ (10) බොබ් වීර් මෙලෙස මිය ගොස් ඇති බවයි.

පසුගිය ජූලි මාසයේදී වීර්ට පිළිකාවක් ඇති බව හඳුනා ගත බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

සැන් ෆ්රැන්සිස්කෝ හිදී උපත ලැබූ බොබ් වීර් ගිටාර් වාදකයෙකු, ගායන ශිල්පියෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩාය තුළ කටයුතු කළා.

පසුගිය ගිම්හාන කාලයේ දී ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ 60 වන සංවත්සරය සැමරීම සඳහා සැන් ෆ්‍රැන්සිස්කෝ හි ගෝල්ඩන් ගේට් උද්‍යානයේ ප්‍රසංග සඳහා නැවත එක් වූ බොබ් වීර් පිළිකාව සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ එම ගිම්හාන ප්‍රසංගවලට සති කිහිපයකට පෙර බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !