ලෝක කුසලානය අරඹමින් පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවට 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරග අද (16) පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි.

මේ මෙම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හිදී මෙම තරගය පැවැත්වෙනවා.