ලෝකෙම කතා කරන රත්නපුර මැණික් පොකුරට, ආරක්ෂක හේතුන් මත කල දේ මෙන්න

රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ සම්පත්වලට ලොව පුරා සුවිශේෂී කීර්තියක් උසුලනවා.

මෙතෙක් ලොව හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර රත්නපුර – කහවත්ත ප්‍රදේශයෙන් හමුවන්නේ එවන් පසුබිමකයි.
රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මෙම මැණික් පොකුර මීට මාස 8කට පෙර සොයාගන්නා ලද එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන්කරගෙන සිටීමට හේතුවූයේ මෙම මැණිකෙහි වටිනාකම අධික වීම නිසා බවත් සභාපතිවරයා කියා සිටියා.

නිල් ආරුනූල් කොරන්ඩම් ස්පිටික වර්ගයට අයත් මෙම ප්‍රාථමික මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි.

සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසාමාන්‍ය මැණික් පොකුර ඔහුට හමුවී තිබුණා.

සෙරන්ඩිපිටි සෆායා ලෙස නම්කර ඇති මෙම ස්වභාවික මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක්.

මෙතෙක් ලොව හමුවූ විශාලතම තාරකා මැණික් වර්ගයට අයත් ස්වභාවික මැණික් පොකුර මෙයයි.

දුර්ලභ මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර මැණික් විශේෂඥ ගාමිණී සොයිසා මහතා කියා සිටින්නේ ආසන්න වශයෙන් මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික වටිනාකමකින් යුක්ත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48