ලෝකෙටම එකයි කී පඬුකරඳ දැන් හැම තැනම

ගම්පහ උද්භිද උද්‍යානයේ ඇති පඩුකරඳ හෙවත් Crudia Zeylanica ගස හා සංරක්ෂිත පැළ ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ ඇමැතිවරුන්ගේ නිරීක්ෂණයට ලක්වූහ. පෙරේදා (13දා) ගම්පහ උද්භිද උද්‍යානයට පැමිණි ඔවුහු මෙම පඬුකරඳ ගස හා සංරක්ෂිත පැළ 06 නිරීක්ෂණය කළහ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති පඬුකරද ගස ලෝකයේ එකම පඬුකරඳ ගස බව ප්‍රකාශ වුවද මේ වන විට ගම්පහ උද්භිද උද්‍යානයේ මෙම වර්ෂයේ විශාල ගසක් හා පැළ 06 ක් ඇති බව ගම්පහ උද්භිද උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ රුවිනි ගෝමස් කීවාය. මීට අමතරව අත්තනගලු ඔයේ ශාඛාවක් වන මැඩිල්ල ඇළ, දොරණගොඩ, මිනුවන්ගොඩ, හෙන්ඩිමහර හා කඩුවෙල හා කදිරාන ප්‍රදේශවල මෙම ශාකය ඇති බවත් උද්භිද උද්‍යානයේ නිලධාරීන් එම ශාක නිරීක්ෂණය කළ බවත් ඇය කීවාය. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මෙම ශාකයේ පැළ 20 ක් ඇති බව කී සහකාර අධ්‍යක්ෂවරිය අදාළ ශාකය හමු වූ දාරළුව ප්‍රදේශයේ ද තවත් පඬුකරද විශාල ගසක් හා කුඩා ගසක් හමු වූ බව ද කීවාය.

දාරළුව ප්‍රදේශයේ පඩුකරඳ ශාකය බේරා මධ්‍යම අධිවේගී මාර්ගය වෙනස් කර ඉදි කිරීමට රුපියල් ලක්ෂ 86,000ක මුදලක් වැය වෙන බවට ගණන් බලා ඇතැයි කී ඇමැති ප්‍රසන්න රණතුංග ලෝකයේ එකම ගස බව ප්‍රකාශ කළ එම ශාකය හා මෙම ශාක එකම වර්ගයේ බවට තහවුරු කරගත්තේ කෙලෙසදැයි සහකාර අධ්‍යක්ෂවරියගෙන් ප්‍රශ්න කළේය. සහකාර අධ්‍යක්ෂවරිය පැවසුවේ මේ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කළ බවයි. දාරළුවේ ගසට උද්භිද උද්‍යානයේ ගස් සෑම අතින්ම සමාන බව මෙම විද්‍යාත්මක පරීක්ෂණයේදී සනාථ වූ බවද ඇය කීවාය.

දාරළුව ප්‍රදේශයේ ඇති පඬුකරඳ ගස ලෝකයේ එකම ගස බවට කළ ප්‍රකාශය එක්කෝ කරුණු නොදැන, නැතිනම් කාගේ හෝ වුවමනාවකට කළ එකක්දැයි සැක මතුවන බවත් කාගේ හෝ වුවමනාවකට සිදුකළේ නම් එය රටේ සංවර්ධනය අඩාළ කිරීමට හිතාමතා සිදු කළ ප්‍රකාශයක් බවත් සඳහන් කළ ඇමැති ප්‍රසන්න රණතුංග පරිසරය ආරක්ෂා කරන අතරම රටේ සංවර්ධනය ද ක්‍රියාත්මක කළ යුතු බැවින් මේ පිළිබඳව පරිසරවේදීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බවද කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20
Video thumbnail
දැඩි STF ආරක්ෂාවක් මැද හෙරෝයින් තොගයක් විනාශ කිරීමට රැගෙන යන හැටි
01:43
Video thumbnail
බලන්නකෝ ළමයිනුත් හුරතල් කර කර යන නාමල්..නාමල්ව වටකරගෙන මිනිස්සු Selfie ග#න හැටි
02:59
Video thumbnail
බාල වයස්කාර දරුවන්ට දුම් කුඩු බෙදූ ජාවාරමක් පොලිසියෙන් වටලයි..
01:22
Video thumbnail
JVP එක වගේ පොලිසිය දැක්කම අපි දුවන්නේ නෑ..Pitch එකට අනුව තමයි Team එක Select කරන්නේ
04:50
Video thumbnail
"මේ කුණු මාළු මෙහෙ තියෙන්නේ.."SLS සහතිකය නොමැතිව කරගෙන ගිය ටින්මාළු නිෂ්පාදනය කරන තැනක් වටලපු හැටි..
13:44


?