ලෝකයේ පුරා මිලියන 400කගේ ජීවිත අනතුරේ – කොරෝනාවට වඩා වැඩි විනාශයක් ගැන අනතුරු ඇඟවීමක්

ලෝක නගර සැලැසුම් ක්ෂේත්‍රය තුළ පාරිසරික බලපෑම අනාවරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන ලාභ නොලබන ආයතනයක් වන “CDP Worldwide” ආයතනය විසින් ලෝකයේ සියලුම රටවලට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක් අනුවයි.

ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන පෙළේ නගරයන්වලට අනාගතයේ දී ඇති වීමට නියමිත දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකියාවක් නොමැති බව එම ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.

ගංවතුර තත්ත්වයන්, සූර්යාගේ අධික තාප කිරණ නිසා ඇතිවෙන උෂ්ණත්වය ඉහළ යෑම, වායු දුෂණය වැනි තර්ජනවලට මුහුණ දීමට ලෝකයේ ප්‍රධාන පෙළේ නගරයන් බොහෝමයකට හැකියාවක් නොමැති බව එම ආයතනය අවධාරණය කර තිබේ.

අද (12) දිනයේ නිකුත් කළ මෙම වාර්තා අනුව ලෝකයේ බොහෝරටවල නගර ආශ්‍රිතව ජීවත් වන මිලියන 400ක පමණ ජනතාවගේ ජීවිත අවදානමකට ලක්ව තිබේ.

ලෝකය පුරා නගර 800ක් මුලික කරගෙන කරන ලද විශ්ලේෂණයකට අනුව ඉන් 43%ක් පමණ මෙලෙස අවදානමට ලක්ව ඇති බවට එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි. එමෙන්ම එම වාර්තාවේ සඳහන් වන නගර අතුරින් 93%ක් ම සැලැකිලි යුතු මට්ටමේ පාරිසරික තර්ජනයන් වෙත මුහුණ දෙමින් සිටින බව වාර්තා වෙයි.

එමෙන්ම එම ආයතනය විසින් මෙම නගර වාහම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි ලෙස නිර්මාණය කරන ලෙස පවසා ඇති අතර ඔවුන් සඳහන් කර සිටින්නේ ප්‍රධාන නගරවල ශාක ඝණත්වය 20%කින්ද, ගං වතුර කලමණාකරණය 18%කින්ද, අපදා කළමණාකර හැකියාවන් 14%කින්ද ඉහළ දමන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34