ලෝකයේ ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියෙන් තුන්වෙනියා වූ ජගත් ගුණසේකර

ලොව අංක එකේ , ප්‍රමුඛතම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ පැවති ඔලිම්පියා ඇමේචර් ලාස් වේගාස් – 2025( Olympia Amateur Las Vegas – 2025 ) තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක ජගත් ගුණසේකර, එහි වයස අවුරුදු 35 ට වැඩි ජ්‍යෙෂ්ඨ විවෘත අංශයෙන් තරගකර, තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

පෙරේදා (08) පැවති එම තරගාවලියේ මෙම අංශයට ලෝකයේ රටවල් 28 ක කායවර්ධන ශූරයින් සහභාගී වී සිටි අතර ,තරගය අමෙරිකාවේ ලාස් වේගාස් නුවර නෙවාඩා හෝටල් පරිශ්‍රයේ දී ( Nevada Hotel World Resort ) පවත්වා ඇති බවයි වාර්තාවන්නේ.

ජගත් ගුණසේකර මේ වනවිට කුවේට් රාජ්‍යයේ විදේශීය තානාපති කාර්යාලයක ආරක්ෂක නිලධාරීවරයෙක් ලෙස ද සේවය කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?