ලොක්ඩවුන් එක ගැන වෛද්‍ය විශේෂඥයින් කියූ දේ

එළඹෙන උත්වස සමයේදී රට ලොක්ඩවුන් කිරීමක් සිදුකළ යුතුද යන්න මේ මොහොතේ පුරෝකථනය කිරීම කළ නොහැකි බව වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ප්‍රකාශ කර සිටිනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මේ බව සඳහන් කර සිටියා.

“දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ අපි පවතින තත්ත්වය සමාලෝචනය කරලා තමයි ඊළඟ තීරණ ගන්නේ. දින මාස වේගෙන් යනවා. ඒ නිසා එළඹෙන සතිය විශේෂ සතියක්. පාසල් සම්පූර්ණයෙන් පටන් ගන්නවා. අප්‍රේල් ආයෙත් උත්සව සමයක් එනවා. ඒ නිසා අපි දැන්ම ඒ ගැන අවධානය යොමු කරලා සෞඛ්‍ය පුරුදු සමග කටයුතු කරන්න අවශ්‍යයයි.”

“පෙබරවාරි 01 වනදා ලොක්ඩවුන් කරන්න වෙයිද කියලා අපිට දැන්මම පුරෝකථනය කරන්න බෑ. වෛරස හැසිරීම සම්බන්ධයෙන් අපි උපදෙස් දෙනවා. නමුත් අපිට ඉතාමත් අපහසුයි පුරෝකථනය කරන්න. අලුත් ප්‍රභේදයක් ආවත් මාස්ක් එකක් දාලා හිටිය නම් ඒක පැතිරෙන්නේ නෑ. අනෙක් කරුණ තමයි රට සාමාන්‍යකරණය වෙලා නෑ.. නව සාමාන්‍යකරණයකට තමයි අපි ගිහින් තියෙන්නේ.”

“අපේ රටෙන් තාම කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා එකට ආසාදනය වුණු රෝගීන් වාර්තා වී නෑ. එහෙම වාර්තා වුණත් ඒක විශාල ගැටලුවක් නෙමෙයි. කොවිඩ් -19 පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඉන්ෆ්ලුවන්සා මේ කාණ්ඩයේ අනෙක් වෛරසත් වර්ධනයවීමේදී වෙනස්වීම් සිදුවෙනවා. වෙනස්වීම් එකතුවෙලා එකතුවෙලා විකෘතිතා ඇතිවෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?