ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත ඔහුව අද (06) කොල්ලුපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
නීතිවිරෝධීව එකලස් කළ වාහනයක් භාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (05) ඇපමත මුදා හැරුණා.
එම චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔහුගේ බිරිඳ ද ඇපමත මුදා හැරීමටයි ඊයේ කටයුතු කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
20
+1
1
+1
1
+1
+1














