AFC Banner
AFC Banner
Empty Ad

ලොහාන් රත්වත්තේට ජනවාරි 30 උසාවිය හමුවේ පෙනී සිටීමට නියෝග

හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට ලබන වසරේ ජනවාරි 30 වැනි දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස
නියෝගයක් හිමි ව තිබෙනවා.

අද (24) පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසුරිය මහතා මෙම නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ඇතුල් වී රැඳවියකුගේ හිසට පිස්තෝලයක් තබා ඔහු මරා දමන බවට තර්ජනය කළ සිද්ධිය සම්බන්ධයෙන්.

අද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ලබන වසරේ ජනවාරි 30 වැනිදා නැවත නඩුව කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?