හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට ලබන වසරේ ජනවාරි 30 වැනි දා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස
නියෝගයක් හිමි ව තිබෙනවා.
අද (24) පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසුරිය මහතා මෙම නියෝග කළ බවයි වාර්තා වන්නේ.
ඒ අනුරාධපුර බන්ධනාගාරයට බීමතින් ඇතුල් වී රැඳවියකුගේ හිසට පිස්තෝලයක් තබා ඔහු මරා දමන බවට තර්ජනය කළ සිද්ධිය සම්බන්ධයෙන්.
අද නඩුව කැඳවනු ලැබු අවස්ථාවේ දී හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ලබන වසරේ ජනවාරි 30 වැනිදා නැවත නඩුව කැඳවීමට විනිසුරුවරයා නියෝග කළා.














Damn right! Time to break the law with impunity is over!