ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩරයක් වාරියපොළ දී අනතුරක

පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාරියපොළ, දංගහමුල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් පිටතට ධාවනය වී අසළ පිහිටි බස් නැවතුම්පොළක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වර්හ වුණේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක් වන ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථයක් මෙලෙස මෙලෙස අනතුරට ලක් ඇති බව සඳහන්.

අනතුරින් පසු ප්‍රදේශවාසීන් සහ රථයේ පැමිණි පිරිස් අතර කිසියම් බහින්බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර අනතුරට ලක් වූ ඩිෆෙන්ඩර් රථය තුළ ආයුධ කිහිපයක් ද තිබූ බව ප්‍රදේශවාසීන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !