ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් මිය ගිය ගණන 24ක් දක්වා ඉහළට

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි.

මේ අතර ඉරිදා රාත්‍රියේ සිට බදාදා දක්වා වියළි සැන්ටා ඇනා සුළං නැවත ඉහළ යනු ඇති බවත්, එය පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගන්නා බවත් කැලිෆෝනියාවේ කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘පැලිසේඩ්ස්’ සහ ‘ඊටන්’ ගින්න පැතිරීම පාලනය කිරීම යම් ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි.

ඇමරිකානු ගිනි නිවන භටයින්ට මෙන්ම සහයට පැමිණ සිටින කැනඩා සහ මෙක්සිකෝ ගිනි නිවන භටයින් මෙම ගින්න තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව සඳහන්.

මේ අතර ලැව්ගින්නෙන් මියගිය අයගෙන් 16 දෙනෙකු ‘ඊටන්’ ගින්නට හසුව මියගොස් ඇති අතර, අටදෙනෙකු ‘පලිසේඩ්ස්’ ගන්න පැතිරී ගිය කලාපයෙන් හමු වූ බවයි වාර්තා වන්නේ.

ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි තුනක් තවමත් සක්‍රියව පවතින අතර, විශාලතම ගින්න ‘පලිසේඩ්ස්’ බවයි වාර්තා වන්නේ.

එම ගින්න මේ වනවිට අක්කර 23,000 කට වඩා පැතිරී ගොස් ඇති අතර එට 11% ක් පාලනය කර ඇති බව සඳහන්.

‘ඊටන්’ ගින්න දෙවන විශාලතම ගින්න වන අතර, එය අක්කර 14,000 කට වඩා පැතිර ගොස් තිබෙනවා.

මෙම ගින්නෙන් 27% ක් පාලනය කර ඇති බවයි ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කළේ.

‘හර්ස්ට්’ ගින්න අක්කර 799ක් දක්වා මේ වනවිට වර්ධනය වී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කිරීමට සමත්ව ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38