ලොස් ඇන්ජලීස් උණුසුම් – ඇඳිරිනීතියත් පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දනයකට එරෙහිව ඇන්ජලීස් ප්‍රාන්ත නගර මධ්‍යයේ කොටසකට නගරාධිපති කැරන් බාස් විසින් ඇඳිරිනීතිය පනවනු ලැබ ඇති බව ප්‍රකාශයට පත් කෙරුණු බවයි අල් ජසීරා පුවත් සේවය පවසන්නේ.

ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 8 සිට (GMT බදාදා 03:00) නගර මධ්‍යයේ කොටසකට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇති.

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ජනතාව වීදි බැස ඇති අතර, සිදු කරන විරෝධතා හේතුවෙන් ඒවා මර්දනයට ආරක්ෂක අංශ යෙදවීමත් සමග කලහකාරීත්වය ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ලොස් ඇන්ජලීස් නුවර නගරාධිපති කැරන් බාස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

“බොහෝ ව්‍යාපාර තැන් විනාශ වී ඇත. ඊයේ රාත්‍රියේ, කොල්ලකෑමට ලක් වූ ව්‍යාපාර 23 ක් ඇති අතර, ඔබ ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ රිය පදවන්නේ නම්, සෑම තැනකම විනාශ වූ දේපොළ හා ව්‍යාපාර දක්නට ලැබෙනවා..” යනුවෙන්.

ලොස් ඇන්ජලීස් නුවර ජීවත් නොවන්නෙකු නම් හෝ එහි ප්‍රාන්තයේ රාජකාරී සිදු නොකරන්නේ නම් කිසිම හේතුවකට එම ප්‍රදේශයට ඇතුල් නොවන ලෙසට නගරාධිපතිවරයා ඉල්ලා සිටිනවා.

එසේ ඇතුල් වී ඇඳිරිනීතිය උල්ලංඝනය කරන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ද බාස් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇඳිරිනීති නියෝගය අදාළ වන්නේ නගරයේ කුඩා කොටසකට පමණක් බවත් එය වර්ග සැතපුම් 502 (වර්ග කිලෝමීටර් 1,300) ආවරණය වන බවත් බාස් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?