ලොස් ඇන්ජලීස් උණුසුම් – ඇඳිරිනීතියත් පනවයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දනයකට එරෙහිව ඇන්ජලීස් ප්‍රාන්ත නගර මධ්‍යයේ කොටසකට නගරාධිපති කැරන් බාස් විසින් ඇඳිරිනීතිය පනවනු ලැබ ඇති බව ප්‍රකාශයට පත් කෙරුණු බවයි අල් ජසීරා පුවත් සේවය පවසන්නේ.

ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 8 සිට (GMT බදාදා 03:00) නගර මධ්‍යයේ කොටසකට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනු ඇති.

ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව ජනතාව වීදි බැස ඇති අතර, සිදු කරන විරෝධතා හේතුවෙන් ඒවා මර්දනයට ආරක්ෂක අංශ යෙදවීමත් සමග කලහකාරීත්වය ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ලොස් ඇන්ජලීස් නුවර නගරාධිපති කැරන් බාස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;

“බොහෝ ව්‍යාපාර තැන් විනාශ වී ඇත. ඊයේ රාත්‍රියේ, කොල්ලකෑමට ලක් වූ ව්‍යාපාර 23 ක් ඇති අතර, ඔබ ලොස් ඇන්ජලීස් නගර මධ්‍යයේ රිය පදවන්නේ නම්, සෑම තැනකම විනාශ වූ දේපොළ හා ව්‍යාපාර දක්නට ලැබෙනවා..” යනුවෙන්.

ලොස් ඇන්ජලීස් නුවර ජීවත් නොවන්නෙකු නම් හෝ එහි ප්‍රාන්තයේ රාජකාරී සිදු නොකරන්නේ නම් කිසිම හේතුවකට එම ප්‍රදේශයට ඇතුල් නොවන ලෙසට නගරාධිපතිවරයා ඉල්ලා සිටිනවා.

එසේ ඇතුල් වී ඇඳිරිනීතිය උල්ලංඝනය කරන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ද බාස් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇඳිරිනීති නියෝගය අදාළ වන්නේ නගරයේ කුඩා කොටසකට පමණක් බවත් එය වර්ග සැතපුම් 502 (වර්ග කිලෝමීටර් 1,300) ආවරණය වන බවත් බාස් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34