ලොව විශාලතම මගී ගුවන් යානය යළිත් කටුනායකට (ඡායාරූප)

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් A- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම පැමිණ තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවය සතු EK- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සඳහා යි අද අලුයම 3.10ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ.

මෙම විශාලතම මගී ගුවන් යානය කොරෝනා වසංගතයට පෙර, එනම් 2019 වසරේ දීත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අද අලුයම පැමිණි ගුවන් යානය තුළ මගීන් 413 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 29 දෙනෙකු සිටි අතර ඔවුන් කිසිවෙකුත් ගුවන් යානයෙන් පිටතට පැමිණ නැහැ.

ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත්, එම ගුවන් තොටුපළ අහසෙහි වට කිහිපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙලෙස කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට ගුවන් නියමුවන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වටිනා ජෙට් ඒ-1 වර්ගයේ ඉන්ධන ලීටර් 62,800ක් මෙම ගුවන් යානයට ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සදහා පැය 01 යි විනාඩි 40ක කාලයක් ගත වී තිබූ අතර, A 380 ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව අද අලුයම 04.50ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

3 4 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10