AFC Banner
Empty Ad
Empty Ad

ලොව පළමු වරට කොවිඩ් ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවන සතෙක් හදුනා ගැනේ…මෙන්න සුබ ආරංචියක්

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ කොවිඩ් ප්‍රතිදේහ ස්වභාවිකවම නිපදවෙන බව පර්යේෂණයකින් අනාවරණ වී තිඛෙනවා.

ඒ ඛෙල්ජියමේ රසායනාගාරයක සිදුකළ පරීක්ෂණයකදීයි.

කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද සඳහා සාර්ථකව මුහුණදීමටද මෙම ප්‍රතිදේහ වලට හැකි බවයි මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

මේ අනුව කොවිඩ් මර්දන ක්‍රියාන්විතයේදී මෙම සොයාගැනීම සාර්ථක ඉදිරි පියවරක් බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ලාමා සත්වයන්ගේ සිරුරු තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ ඉහළ ප්‍රතිශක්තීකරණයකින් සමන්විත වීම විශේෂත්වයක්.

මෙම පර්යේෂණයේ දත්ත යොදාගනිමින් කොවිඩ් මර්දන එන්නතක් නිපදවීම සම්බන්ධයෙන්ද විද්‍යාඥයන් සොයා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
336
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?