spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව ධනවත්ම පුද්ගලයා වෙන්න තරඟයක්

ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් පරදා එම ස්ථානය හිමි කර ගැනීමට ලුවී විටෝන් මවු සමාගම වන LVMH සභාපති බර්නාර්ඩ් ආර්නොල්ඩ් සමත් වූ බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරනවා.

බර්නාර්ඩ් ආර්නොල්ඩ් අද (08) දෙවතාවක්ම ඉලෝන් මස්ක් පරදා ලොව අංක එකේ ධනවත් පුද්ගලයා යන කිරුළ හිමි කරගෙන තිබෙන බව එම වාර්තාව සඳහන් කරනවා.

බර්නාර්ඩ් ආර්නොල්ඩ්ගේ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 184.7ක් බවත් ඉලෝන් මස්ක්ට වඩා ඔහු ඩොලර් මිලියන 100ක් ඉදිරියෙන් සිටි බවත් නමුත් නැවත වරක් ඉලෝන් මස්ක් බර්නාර්ඩ් ආර්නොල්ඩ් පසු කරමින් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා වීමට සමත්ව ඇත.

ඒ අනුව ඉලෝන් මස්ක්ගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 185.4කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?