ලොව ප්‍රකට සූපවේදී ගැරී මිහිගන් ඊයේ (27) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
වැඩමුළු කීපයක් සඳහා මෙම ඕස්ට්‍රේලියානු ජාතික සූපවේදියා මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 172 දරණ ගුවන් යානයෙන් ඊයේ (27) රාත්‍රී 11.08ට පමණ ඔහු මෙරටට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
සූපවේදී ගැරී මිහිගන් එළඹෙන 30 වනදා සහ දෙසැම්බර් 02 වනදා ශ්‍රී ලාංකික සූපවේදීන් පිරිසක් සමඟ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයේ දී ජාත්‍යන්තර රාත්‍රී ආහාර වේල් දෙකක් පිළියෙල කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
එමෙන්ම එළඹෙන 30 වනදා සහ දෙසැම්බර් පළමු වනදා යන දෙදින තුළ මෙරට ජනතාව මුණගැසී සූපවේදය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරෙන වැඩසටහනකට ද ඔහු එක් වීමට නියමිතයි.
ලෝකයේ ප්‍රචලිත සූපවේදීන් සඳාහා වූ තරගාවලියක් වන “මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා” තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති මිහිගන්, ලොව පුරා රටවල් රාශියක සංචාරය කරමින් සූපවේදය පිළිබඳ පර්යේෂණවල නියැලෙමින් අත්දැකීම්ලත් සූපවේදය පිළිබඳ ග්‍රන්ථ රාශියක් ලියා පළකර ඇති අයෙක්.








