මීරිගම සිට තලවකැලේ, ආගරපතන දක්වා ධාවනය වූ ලොරි රථයක් ලිස්සා ගොස් උමං මාර්ගයක ගැටීමෙන් අද (20) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
පැවති අධික වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගයේ මෙම ලොරි රථය ගැටී ඇති බවයි දිඹුල, පතන පොලීසිය සඳහන් කළේ.
මෙම අනතුරින් කිසිවෙකුටවත් තුවාල සිදුව නොමැති අතර, අනතුරින් පසු එම උමං මාර්ග කොටසේ වාහන ධාවනයට සුළු බාධාවක් එල්ල වී තිබුණා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාවත් සමඟ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට සහ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බවත්, එම මාර්ග ලිස්සන සුළු බැවින් රථ වාහන ධාවනයේ දී සැලකිළිමත්වන ලෙස රියදුරන්ට හැටන් පොලිසිය දැනුම් දෙනවා.





















KAND PARAWAL WALA HEMIN YANNA ONA NEDHA BURUWO. ISSARAHIN OYA WAGEMA EKAK AWANAM? OWAGE TYRE KATTA GEWILA. BARA DAGENA UDA YANAWA, WAHINAKOTA GRIP EKA NATHI WENAWA RADIAL NATHI NISA.