ලුණුවලට පාලන මිලක් පැනවීම ගැන පළවන වාර්තා අසත්‍යයි – පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පැවැත්වුන සාකච්ඡාවකදී ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම අධිකාරිය පවසන්නේ එවැනි සාකච්ඡාවක් කිසිම අවස්ථාවක සිදුනොකළ බවයි.

උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී අදහස් ලබාගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබද සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කැදවා සාකච්ඡා කර ඇති බවයි එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එම සාකච්ඡාවේ දී මතු වූ කරුණුද සැලකිල්ලට ගනිමින් නියම කළ යුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබද සභාව මඟින් තීරනය කරනු ලැබුවහොත් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම්දීමට සභාව විසින් කටයුතු කරනු ඇති බවත් දන්වා සිටිනවා.

ඒ, අනුව එම මිල ගණන් ගැසට්පත්‍රයක් මගින් ප්‍රකාශකිරීමට අධිකාරිය කටයුතු කරන අතර, ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය මාධ්‍ය වෙත ඉදිරිපත්කර ඇති මිල ගණන් හා ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමඟ එකඟ වූ බවට වන ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවය් වැඩිදුරටත් පවසන්නේ.

ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකයාගේ තොරතුරු මෙන්ම සිල්ලර මිලක් සදහන් නොවන ලුණු අසුරන වෙළඳපොළට නිකුත්කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත්, එවැනි නිෂ්පාදන සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නීතිමය පියවර ගන්නා බවත්, එම නිසා එවැනි නිෂ්පාදන මිලදීගැනීම හා අලෙවිකිරීම සිදුනොකරන ලෙසත් සියලුම වෙළෙඳුන්ට දැනුම් දෙනවා දෙනවා.

එමෙන්ම තමන්ට භාණ්ඩ සැපයූ ආනයනකරුගේ හෝ නිෂ්පාදකයාගේ නිවැරදි තොරතුරු සහ මිල ගණන් සහිත විධිමත් බිල්පතක් තමන් සතුව තබාගන්නා ලෙස ද සියලුම ව්‍යාපාරිකයන් දැනුවත් කරන අතර එවැනි බිල්පතක් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගන්නේනම් ඒ සම්බන්ධවද නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29