ලී සුළි කුණාටුව අතිශයින් භයානක වන ලකුණු

ජෝර්ජියාව සහ කැරොලයිනා හරහා හමා ගිය “ලී“ සුළි කුණාටුව එක්සත් ජනපදයේ වර්ජින් දූපත් සහ පුවර්ටෝ රිකෝ වෙත ඇතුලු වී තිබෙනවා.

මෙම කුණාටුවෙන් ඩොලර් බිලියන ගණනක හානියක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය සති අන්තය වන විට “අතිශයින්ම භයානක” හතරවන කාණ්ඩයේ කුණාටුවක් දක්වා තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසනවා.

මෙම සුළි කුණාටුව ඊයේ පස්වරුවේ පැයට කිලෝමීටර 120 වේගයෙන් හමා යන සුළි කුණාටුවක් බවට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කැරිබියන් සහ අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වන ලීවර්ඩ් දූපත් හි ජනතාවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
2
+1
3
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?