බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් වෙළඳාම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙන චීන ජාතකයෙකුට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 05 ක දඩයක් නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් තීන්දුව ලබා දුන්නා.
ඊට අමතරව මෙම විත්තිකරු විසින් බැංකු ගත කර තිබූ රුපියල් මිලියන 350 ක මුදලක් රාජසන්තක කිරීමට ද තීන්දු කළ විනිසුරුවරයා එය දඩයක් වශයෙන් අය කර ගැනීමටද නියෝග කළා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණේ ලී සුයෑන් යැං නමැති චීන ජාතිකයෙක්.
2017 වසරේ සහ 2018 වසර දක්වා කාල සීමාව තුළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ මැණික් ව්‍යාපාර සිදු කළේ චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.




