ලීසිං ආයතනවලට මෛත්‍රීපාලගෙන් චෝදනා

මේවන විට බොහෝ ලීසිං ආයතන වැඩ කරන්නේ මංකොල්ලකරුවන් පිරිසක් ආකාරයට යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (5) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ නඩු කටයුතු ප්‍රමාදය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

මෛත්‍රිපාල සිරිසේන මෙසේද සඳහන් කළා.

නඩු වැඩිවෙන්නේ ඇයි ඇති වෙන්නේ ඇයි කියන එක හොයන්න ඕන. මත්කුඩු ප්‍රශ්නය නඩු වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙනවා. සිංගප්පූරුවේ නඩුවක් අහන්න වැඩිම වුණොත් යන්නේ මාස තුනයි. නඩු වැඩිවීමට දුගීභාවය ප්‍රධාන හේතුවක්. දුගී භාවයට පත්වුණු අය තමයි වැඩි වශයෙන් උසාවිවල ඉන්නේ. පොහොසතුන් අධිකරණවල ඉන්නෙ අඩුවෙන්. ඉඩම් නඩු පරම්පරා ගාණක් ඇහෙනවා. නඩු දිග්ගැසීම නිසා හිර ගෙවල්වල තදබදය වැඩි වෙනවා. නඩු දිග්ගැස්සෙන එකට නීතිඥවරුන් නම් කැමතියි. ලීසිං කරන ආයතන අද හැසිරෙන ආකාරය වැරදියි. ඒක කවදත් එහෙමයි. දැන් ඒක වැඩියි.එක පැත්තක මංකොල්ලකෑමක් වගෙයි. බැංකු ණය ගත් ජනතාවගේ දේපළ වෙන්දේසි කිරීමට කාලයක් දිය යුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !