මෝදර ඩිලාසාල් ප්‍රදේශයේ ධීවරයින් පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල් විනාශ වී ඇති බව පවසමින් ඊයේ (20) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.
විරෝධතාවය පැවැති ස්ථානයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ මහතා ද පැමිණ තිබෙන අතර ඒ මොහොතේදී ඔහු පොලිස් ජීප් රථයට නංවා ගන්නට දැරූ උත්සාහයත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එම ධීවරයින් පෙන්වා දෙන්නේ විශාල මුදලක් වැයකර මිලට ගත් දැල්වල ඉවත් කිරීමට අපහසු පුළුන් වැනි යමක් තැන්පත් වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විසඳුම්දීමට බලධාරීන් අපොහොසත් බවද ධිවරයින් ප්‍රකාශ කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1