ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 65%ක් අත්අඩංගුවට (වීඩියෝ)

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මසක් වැනි කෙටි කාලයක් තුළ ලැයිස්තුගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් 65%ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය මැඩලිම උදෙසා බිම් මට්ටමින් ප්‍රජා පොලිස් කණ්ඩායම් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටක් සඳහන් කළේ.

මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ විශේෂ වැටලීමකදී අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමට පැමිණි සැකකරුවන්ට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ලොකු පැටි යන අයගේ මෙහෙය වීමෙන් මෙම මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළා සහ යතුරුපැදිකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය කරගත් තොරතුරු අනුවයි.

වෙඩි තැබීම සිදු කිරිමට පැමිණි යතුරුපැදිකරු හා වෙඩික්කරු අත් අඩංගුවට ගැනීම දැන ගත් පසු ලොකු පැටී අදාළ කාන්තාවට සහ පුද්ගලයන් දෙදෙනොට සැගවී සිටින ලෙසට උපදෙස් ලබා දි ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වුණා.

ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදාව විසින් සිදුකල විශේෂ මෙහෙයුමකදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ධීවර යාත්‍රා සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වන විට ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බවයි නාවික හමුදාව පවසන්නේ.

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නැමති අයගේ සමීපතමයෙකුගේ නිවසක් පරික්ෂා කිරීමේදී ඉතා සුක්ෂම ලෙස සගවා තිබු ලක්ෂ 22 කට අධික මුදලක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා.

ඔහු රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ සමීපතම අපරාධකරුවෙක්.

එහිදි වයස අවුරුදු 29ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?