ලැබී ඇති ප්‍රතිඵල අනුව අනුර ඉදිරියෙන්

මෙතෙක් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අතුරින් 154,657ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටිනවා.

මේ වන විට ලබාගත් ඡන්ද සංඛ්‍යාව අතුරින් දෙවන ස්ථානයේ පසුවන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ රනිල් වික්‍රමසිංහ වන අතර ඔහු ලබාගත් ඡන්ද ගණන 52,482ක්

සමගි ජන බලවේගයෙන් තරග කළ සජිත් ප්‍රේමදාස මේ වන විට ඡන්ද 48,970ක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ඡන්ද 4,821ක් ලබාගෙන ඇති අතර
සර්ව ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර ඡන්ද 1,940ක් ලබාගෙන සිටිනවා.