ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක්

විශේෂ නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නව කොන්දේසි ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක් ඇතැයි දැනුම් දෙයි.

පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිගන්නේ නැති වට්සැප් පරිශීලකයන් සියල්ලන් හට පණිවිඩ ලැබීමට හෝ යැවීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බවක් වට්සැප් සමාගමෙන් නිවේදනය කොට ඇත.මෙහිදි මැයි 15 වන දින වන විට යාවත්කාලීන කරන ලද කොන්දේසි මෙයට අදාලවෙනු ඇත.නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිළිනොගන්නා පරිශීලකයන් හට සීමිත කෙටි කාලයක් සදහා පමණක් ඇමතුම් සහ දැනුම්දීම් ලබාදීමට කටයුතු කරන බවත් වට්සැප් සමාගම විසින් වැඩිදුරටත් නිවේදනය කොට ඇත. යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පිලි නොගන්නා වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් ගිණුම් “අක්‍රිය” ලෙස ලැයිස්තු ගත වන අතර අක්‍රීය ලෙස ලැයිස්තු ගත වූ ගිණුම් දින 120කට පසු මකා දැමීමකට ලක්වන බවක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වේ.

මෙරට ලක්ෂ 70කට අධික වට්සැප් පරිශීලකයන් ප්‍රමාණයක් සිටින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අනුමාන කරන අතර වට්සැප් සමාගම මැයි 15 වනදාට පසුව ලබාගැනීමට යන මෙම තීරණය හේතුවෙන් වට්සැප් නව කොන්දේසි වලට එකග නොවූ දහස් ගණනක් වන ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන්ගේ ගිණුම් අහිමිවීමේ අවදානමෙහි පවතින බවය අප සංගමය විශ්වාස කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?