විදුලි බිල ලබාදීමට නිවසකට ගිය මනුකියවන්නෙකුට පුද්ගලයෙකු විසින් පහරදීමේ සිදුවීමක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම පහරදීම සම්බධයෙන් මනුකියවන්නා වැල්ලවාය පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර, පහරදෙන අවස්ථාවේ දී මනුකියවන්නා විසින් සිය ජංගම දුරකථනයෙන් එම අවස්ථාව වීඩියෝ ගතකර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.
පැමිණිල්ලෙන් අනතුරුව සැකකරු පෙරේදා (18) දින වැල්ලවාය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඊයේ (19) දිනයේ දී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එහිදී සැකකරු ඇපමත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
සිද්ධිය සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානය ඉදිරි විමර්ශන සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1




