AFC Banner
Empty Ad
Empty Ad

ලබන සතියේ ජනතා අයිතියට පැවරෙන නව අධිවේගී මාර්ගය

මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විත වනවා,

එය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වන අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

පසුගිය 2017 වසරේදී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?