spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලබන වසරේ සිට පාසල් විෂය මාලාවට කෘත්‍රිම බුද්ධිය

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොරව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බව ද ඔහු පැවසුවා.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?