AFC Banner
Empty Ad
Empty Ad

ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි! සජිත්ට කෝටි 17ක්

ලබන වසරේ අයවැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (7) ඉදිරිපත් කළා.

ඒ අනුව ලබන වසරේ රජයේ වියදම පසුගිය වසරට වඩා රුපියල් කෝටි 3,300කින් අඩු කොට තිබෙනවා.

පසුගිය වසරේ රජයේ වියදම සඳහා විසර්ජන පනත් කෙටුම්පත මඟින් වෙන් කළ මුදල් රුපියල් කෝටි 253,800ක් වෙනවා. මේ වසරේ වියදම රුපියල් 250,500ක්.

ඒ අනුව 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2,538කට සාපේක්ෂව ලබන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබෙනවා.

වැඩිම මුදල ආරක්ෂාවට

විසර්ජන පනත් කෙටුම්පතට අනූව ලබන වසරේ වැඩි මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි තිස් හත්දහස් තුන්සිය හතරකි. එමෙන්ම දෙවනුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි විසි අටදහස් හයසිය හැත්තෑ හතක්.

මහා මාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි විසි පන්දහස් දහනවයක්ද, ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්දහස් හතක්ද ලෙස වෙන් කර තිබෙනවා.

ජනපතිගේ වැය ශීර්ෂයත් අඩුවෙයි

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ලබන වසර සඳහා රුපියල් කෝටි දෙසිය හැත්තෑ අටක්, අගමැතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි එකසිය තිස් නවයක් සහ විපක්ෂ නායකවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි දාහතක්ද වෙන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි පහළොස් දහස් තුන්සිය පනස් දෙකක්, දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි දෙසිය විසි හතක්, ඖෂධ නිෂ්පාදන, සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හය දහස් හයසිය දහ තුනක් සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්දහස් දෙසිය අසූවක් වෙන් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහා ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි දහ අට දහස් පන්සිය අනූ එකක්ද, මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හාර දහස් පන්සිය දාහතක්ද, සමෘද්ධි, ගෘහ ආර්ථික හා ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හත්දහස් පන්සිය දෙකක්ද වෙන් කර තිබෙනවා.

අයවැය නොවැම්බර් 12දා පාර්ලිමේන්තුවට

අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි දොළොස් දහස් හත් සිය හැටක්, කාන්තා, ළමා, පෙර පාසල් සහ ප‍්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි දෙදහස් දෙසිය අසූවක්, නිපුනතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්දහස් දෙසිය තිස් හයක් සහ දහම් පාසල්, පිරිවෙන්, භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හාරසිය අසූ හතක්ද වෙන්ව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දෙදහස් හාරසිය තිස් නවයක්ද, කාබනික පොහොර නිෂ්පාදන ප‍්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය කාබනික ආහාර රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හාරදහස් පන්සිය හැත්තෑ නවයක්ද වෙන්ව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි දස දහස් හයසිය පනස් පහක් හා ප‍්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි අසූවක්ද, විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි අසූ අටක්ද වෙන් කර ඇති බව 2022 විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්.

2022 වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36

?