ලබන වසරේ රජයේ වියදම් අඩු වෙයි! සජිත්ට කෝටි 17ක්

ලබන වසරේ අයවැය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (7) ඉදිරිපත් කළා.

ඒ අනුව ලබන වසරේ රජයේ වියදම පසුගිය වසරට වඩා රුපියල් කෝටි 3,300කින් අඩු කොට තිබෙනවා.

පසුගිය වසරේ රජයේ වියදම සඳහා විසර්ජන පනත් කෙටුම්පත මඟින් වෙන් කළ මුදල් රුපියල් කෝටි 253,800ක් වෙනවා. මේ වසරේ වියදම රුපියල් 250,500ක්.

ඒ අනුව 2021 වසරේ වියදම වන රුපියල් බිලියන 2,538කට සාපේක්ෂව ලබන 2022 වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබෙනවා.

වැඩිම මුදල ආරක්ෂාවට

විසර්ජන පනත් කෙටුම්පතට අනූව ලබන වසරේ වැඩි මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි තිස් හත්දහස් තුන්සිය හතරකි. එමෙන්ම දෙවනුව වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර, එම මුදල රුපියල් කෝටි විසි අටදහස් හයසිය හැත්තෑ හතක්.

මහා මාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි විසි පන්දහස් දහනවයක්ද, ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්දහස් හතක්ද ලෙස වෙන් කර තිබෙනවා.

ජනපතිගේ වැය ශීර්ෂයත් අඩුවෙයි

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ලබන වසර සඳහා රුපියල් කෝටි දෙසිය හැත්තෑ අටක්, අගමැතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි එකසිය තිස් නවයක් සහ විපක්ෂ නායකවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් කෝටි දාහතක්ද වෙන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි පහළොස් දහස් තුන්සිය පනස් දෙකක්, දේශීය වෙදකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි දෙසිය විසි හතක්, ඖෂධ නිෂ්පාදන, සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හය දහස් හයසිය දහ තුනක් සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්දහස් දෙසිය අසූවක් වෙන් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහා ලබන වසර වෙනුවෙන් රුපියල් කෝටි දහ අට දහස් පන්සිය අනූ එකක්ද, මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හාර දහස් පන්සිය දාහතක්ද, සමෘද්ධි, ගෘහ ආර්ථික හා ක්ෂුද්‍ර මූල්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හත්දහස් පන්සිය දෙකක්ද වෙන් කර තිබෙනවා.

අයවැය නොවැම්බර් 12දා පාර්ලිමේන්තුවට

අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් කෝටි දොළොස් දහස් හත් සිය හැටක්, කාන්තා, ළමා, පෙර පාසල් සහ ප‍්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි දෙදහස් දෙසිය අසූවක්, නිපුනතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි එක්දහස් දෙසිය තිස් හයක් සහ දහම් පාසල්, පිරිවෙන්, භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හාරසිය අසූ හතක්ද වෙන්ව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි දෙදහස් හාරසිය තිස් නවයක්ද, කාබනික පොහොර නිෂ්පාදන ප‍්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී හා ධාන්‍ය කාබනික ආහාර රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි හාරදහස් පන්සිය හැත්තෑ නවයක්ද වෙන්ව තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් කෝටි දස දහස් හයසිය පනස් පහක් හා ප‍්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි අසූවක්ද, විදේශ රැකියා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි අසූ අටක්ද වෙන් කර ඇති බව 2022 විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන්.

2022 වසර සඳහා වන අයවැය ලේඛනය නොවැම්බර් 12 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33