ලබන මාසයේ සිට ඉන්ධන ලබා දීම අලුත්ම ක්‍රමයකට

කෝටා ක්‍රමයට ලබන මස පළමු සතියේ සිට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල්වල ජනතාව ලියාපදිංචි කිරීමට කටයුතු කෙරෙනු ඇති.

ඔහු මේ බව කියා සිටියේ ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින්.

මෙරට මූල්‍ය ශක්තිය ස්ථාවර වනතුරු සහ පැය 24 පුරා ඉන්ධන මෙන්ම විදුලිය ලබා දීමේ අරමුණින් මෙලෙස ලබන මස පළමු සතියේ සිට කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ.විදුලිය සහ භූමිතෙල් සඳහා ඉල්ලුම වැඩි වීමට ගෑස් හිඟය බලපා ඇති බවත් ඉන්ධන ආනයනයට මිට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් පමණ වූ වියදම මේ වනවිට ඩොලර් මිලියන 550 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන්.

kancha 300x217 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?