ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ තොගය යළි ශ්‍රී ලංකාවට රැගෙන එයි (ඡායාරූප)

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් කෞතුක භාණ්ඩ 06ක් අද (29) අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආවා.

මෙලෙස රැගෙන විත් තිබූ කෞතුක භාණ්ඩ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ මඟුල් කඩුව, රජතුමාට අයිති රිදී කස්තානය , රජතුමාගේ රන් පිහිය, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව සහ මහ තුවක්කු දෙකක් වුණා.

මෙම කෞතුක භාණ්ඩ අද (29) අලුයම 05.05ට ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 554 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කෞතුක භාණ්ඩ භාරගැනීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාච්, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනුව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිතුමිය විසින් අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත භාරදුන් අතර, පසුව එය අමාත්‍යවරයා විසින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරිය වෙත භාරදීම සිදු කළා.

කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂක රැකවල් යටතේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ අතර, මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රදවා තැබීමට පියවර ගැනීමට නියමිතයි.

20231129 055754 scaled
20231129 053521 scaled
20231129 055658 1 scaled
20231129 055750 scaled
20231129 053629 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
8
+1
2
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?