අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ දේහය තැන්පත් කර තිබූ පුද්ගලික මල් ශාලාවේ සිට නිදහස් චතුරස්‍රයට රැගෙන වෙත රැගෙන යනු ලැබුවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (31) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන අතර පස්වරු 4.00ට අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
අභාවප්‍රාප්ත කලාසූරී ලතා වල්පොලගේ දේහය ඊයේ රාත්‍රී 10.00 තෙක් මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තැබුණු අතර අද උදෑසන 9.00ට දේහය කොළඹ නිදහස් චතුරස‍්‍රය වෙත රැගෙන ගිය අතර දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ පස්වරු 01.00 දක්වා තැන්පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
1
+1




