ලක්ෂ 65 කට අධික වටිනා කමක් ඇති කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

කිලිනොච්චිය යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව ධර්මපුරම් පොලිස් වසමේ කල්ලාරු රක්ෂිතයේ සහ චුන්ඩිකුලම් රක්ෂිතයේ දී වැටලීමකට අනුව කල්ලාරු රක්ෂිතයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 41, ග්‍රෑම් 530 ක් කිලිනොච්චිය කඳවුරේ නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර චුන්ඩිකුලම් රක්ෂිතයේ දී කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සහ චුන්ඩිකුලම් 14 වන ජාතික ආරක්ෂක බලමුලුවේ නිළධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව සිදුකල සෝදිසියක දී කේරළ ගංජා කිලෝ 13, ග්‍රෑම් 665 ක් සගවා තිබිය දී සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා වල වටිනාකම ලක්ෂ 65 කට අධික වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?