AFC Banner
Empty Ad
Empty Ad

ලක්ෂ 50 කට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 526 ක් සමඟ පුද්ගලයෙකු කැළණිය කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වත්තල ප්‍රදේශයේ සිට මගී ප්‍රවාහන බස් රථයකින් රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී සොයා ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි.

සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කුඩු රොෂාන්ගේ ප්‍රතිවාදී කල්ලියේ සාමාජිකයෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ඝාතන සිද්ධීන් රැසකට චෝදනා එල්ල වී ඇති අයෙකු බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?