ලක්ෂ 25ක වටිනාකමක් සහිත මැණික් ගල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 25කට ආසන්න මැණික් ගල් සොරකමේ යෙදුණු පුද්ගලයින් තුන්දෙනෙකු පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, පානදුර උතුර පොලිස් අසමේ සාවියා පාර ප්‍රදේශයේ දී සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පානදුර උතුර ප්‍රදේශයේ සාවියා පාර ප්‍රදේශයේ නවතා තිබූ මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් යතුරුපැදියේ අසුන යට බහා තිබූ මෙම මැණික් ගල් එම යතුරුපැදිය නවතා තිබියදී එහි අසුන ගලවා මැණික් ගල් සොරකම් කර තිබෙනවා.

ඉන්පසුව මැණික් ගල් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයෙකු ලවා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ දී පොලිසිය මගින් පානදුර දකුණ ප්‍රධාන බස් නැවතුම්පොළේ දී මැණික් ගල් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම මැණික් ගල් සොරකම සම්බන්ධයෙන් සාවියා පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනා විසින් මෙම මැණික්ගල් සොරකම් කර කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට කොළඹ ප්‍රදේශයේ මැණික් ගල් අලෙවි කිරීමට උපදෙස් ලබා දී ඇති බවත් එම උත්සාහය ව්‍යාර්ථ වූ පසු එම මැණික් ගල් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට අලෙවි කිරීමට රැගෙන ඒමේදී පොලිසිය මගින් උපාය දූතයෙකු යොදවා පානදුර දකුණ ප්‍රධාන බස් නැවතුම්පළේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

එහිදී පොලීසිය මගින් ඔහු පරීක්ෂා කිරීමේ දී සන්තකයේ තිබී ලක්ෂ විසිපහකට ආසන්න වටිනාකමක් සහිත විවිධ වර්ණයෙන් සහ විවිධ හැඩයන්ගෙන් සහ විවිධ වර්ගවලට අයත් මැණික් ගල් 27ක් සොයා ගැනුණා.

මෙම සොරකම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලිත් තිදෙනාම අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් වන අතර මීට පෙර ද ඔවුන්ට විවිධ සොරකම් සම්බන්ධයෙන් චෝදනා රැසක්ම එල්ල වී තිබෙන බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (05) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34