AFC Banner
AFC Banner
Empty Ad

ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අල්ලයි

විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම ඊයේ (08) දින අඩම්පන් පොලිස් වසමේ වෙඩිතලතිව් ප්‍රදේශයේ දී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වැටලීමේ දී මහා පරිමාණයෙන් ජාවාරම් කිරීම සඳහා සඟවා තිබු ලක්ෂ 20කට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 10 ග්‍රෑම් 365ක් අඩංගු පාර්සල් 05 අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කේරළ ගංජා තොගය අඩම්පන් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?