ලංගම කොන්දොස්තරට පාට් දැමූ පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුව අත්අඩංගුවට

වෙන්නප්පුව ලංගම ඩිපෝවේ සේවය කරන කොන්දොස්තරවරයෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් කොන්දොස්තරවරයෙකුව හලාවත පොලීසිය විසින් 30 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ – තඹගල්ල වත්ත පදිංචිකරුවෙකුවය.සැකකරු හලාවත – මීගමුව මාර්ගයේ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අයෙකි.

පසුගිය 29 වැනිදා දහවල් හලාවත බස් නැවතුම්පල ආසන්නයේ ඇති ආපන ශාලාවක් අසලදී මෙම පහර දීම සිදු කර ඇත.පහර කෑමට ලක්වූ බව කියන ලක්ෂ්මන් දසනායක යන අය ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?