Empty Ad
AFC Banner
AFC Banner

ලංගමෙන් මුදල් වංචා කළ සිදුවීමකට සැකපිට කොන්දොස්තර අල්ලයි

මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ කොන්දොස්තරවරයෙකු සැකපිට ඊයේ (03) අත් අඩංගුවට ගැනුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සැකකරුව කැකිරාව පොලිසිය විසින් මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

සැකකරු ලංකා ගමනාගමන මණ්ඩලයේ කැකිරාව ඩිපෝවට අනුයුක්තව සේවය කරනු ලබන බස් කොන්දොස්තරවරයෙක්.

කැකිරාව ලංගම ඩිපෝවේ පාලනාධිකාරිය විසින් කැකිරාව පොලිස් ස්ථානයට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකාර බස් කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

අදාළ කොන්දොස්තරවරයා සේවය කළ බස් රථයෙන් ලත් රුපියල් 71,000කට අධික මුදලක් කැකිරාව ඩිපෝවට භාර නොදීමත් අදාළ මුදලට අයත් ප්‍රවේශපත්‍ර නිකුත් කළ ප්‍රවේශපත්‍ර පොත අස්ථානගත වී තිබීමත් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා යි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් බවත් වාර්තා වනවා.

ඔහුව අද (04) කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?