ලංගමයේ 285කට කොරෝනා හැදිලා

ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන ඇතුළු සියලු අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය අසූ පස් දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය.

කොවිඩ් වයිරසය ආසාදිත ලංගම සේවකයන්ට ප්‍රතිකාර කිරීමේ රෝහල කළුතර රියැදුරු පුහුණු පාසල් පරිශ්‍රයේ දී හෙට (13 වැනිදා) විවෘත කෙරෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පවතින වසංගත තත්ත්වය මත පොදු ප්‍රවාහනය යොදා ගත යුත්තේ රාජකාරී හෝ අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් පළාත් අතර ගමන් කරන්නන් පමණක් බවත් එවැනි අවශ්‍යතා නොමැතිව ගමන් කරන්නන් ආපසු හරවා යැවීමට පියවර ගන්නා බවත් දිලුම් අමුණුගම කීවේය.

නිලන්ත මදුරාවල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?