ලංකා සතොස සහල් වර්ග තුනක මිල අඩු කෙරේ

අද (30) සිට ලංකා සතොස මගින් සහල් වර්ග 3 ක මිල අඩුකර තිබෙනවා.

මෙහිදි සුදු නාඩු කිලෝවක් රුපියල් 7කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 168 ක්.

රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින්ද අඩු කර තිබෙන අතර එහි නව මිල රුපියල් 135 ක්.

එමෙන්ම සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 ක්.

මෙම මිල ගණන් යටතේ දිවයිනේ ඕනැම ලංකා සතොස ආයතනය මගින් අද සිට පාරිභෝගිකයන්ට ලබා ගත හැකි