ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති අද යළි කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු අද පෙරවරු 11ට කෝප් කමිටුව හමුවට යළි කැඳවිමට නියමිතයි.

පසුගිය 10 වැනිදා කෝප් කමිටුව හමුවට පැමිණ කළ ප්‍රකාශයක් හිටපු සභාපතිවරයා පසුව ඉල්ලා අස්කර ගත් අතර ඒ සම්බන්ධයෙන් ඔහු යොමු කළ ලිපිය පසුගිය දා සභාගත කෙරිණ.

එදින කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බල කරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි.

නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් සිදු කළ බවයි.

පසුව ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත් කරමින් ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ ය.

කෙසේ වෙතත් පසුව ෆර්ඩිනැන්ඩු මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?