ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ගැන අවසන් තීන්දුව අද

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ජාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වෙන බවයි ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප‍්‍රකාශ කළේ. 

මෙම තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් සහ ක‍්‍රිකට් බලධාරීන් අතර ඊයේ තවත් සාකච්ජාවක් පැවැත්වුණා. ඊට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව සිටියා. මෙම තරගාවලිය පැවැත්විය යුතු බවත් එය සිදු කළ යුත්තේ සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව බවටයි සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමටද තරග සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.  ලබන 21 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග පල්ලේකැලේ සහ හම්බන්තොටදී පැවැත්වීමට දැනට සැලසුම් කර ඇත්තේ.
 
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සහ කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ නිලධාරින් අතර අද පැවැත්වෙන සාකච්ජාවෙන් පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34