ලංකාවට ඇවිත් එංගලන්තයට පනින්න හැදූ චැඩ් ජාතික ගුරුවරයා අත්අඩංගුවට

වංචනික ලෙසට සකස් කළ කැනඩා විදෙස් ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට ඇතුළු වී එංගලන්තය බලා යාමට පැමිණි චැඩ් ජාතික ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා යළිත් ඔහු පැමිණි කටාර් රාජ්‍යය වෙත පිටුවහල් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

31 හැවිරිදි මෙම පුද්ගලයා සෞදි අරාබියේ අරාබි භාෂාව උගන්වන චැඩ් ජාතික ගුරුවරයෙක්.

ඔහු ඊයේ සවස 04.30ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අනතුරුව ඔහු නිශ්කාශන කටයුතු සඳහා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ආගමන විගමන නිලධාරී කවුළුව වෙත තම කැනඩා ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි භාර දී තිබෙනවා.

එහිදී මෙම ගුවන් ගමන් බලපත්‍රය ප්‍රමිතියකින් තොරව සකස් කර ඇති බවට එහි සේවය කළ නිලධාරීවරයාට සැකයක් මතුවීම හේතුවෙන් චැඩ් ජාතික ගුවන් මගියා සහ ඔහු ඉදිරිපත් කළ ලියකියවිලි ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර ඇතැයි සඳහන්.

එහිදී සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් චැඩ් ජාතිකයෙකු බවත් මෙම ගුවන් ගමන් බලපත්‍රය තම සහෝදරයෙකු විසින් සකස් කර දුන් එකක් බවයි.

තමන් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ දින 05කට පසුව එංගලන්තය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බව ද මෙම චැඩ් ජාතිකයා වැඩිදුරටත් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම චැඩ් ජාතිකයා අත් අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන් ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සඳහා කටාර් ගුවන් සේවයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?