AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත රාජපක්ෂ නාවික හමුදාවේ පන්දුවක් හමුවේ බිංදුවට දැවී යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අද දිනයේදී පළමු වරට දේශීය ක්‍රිකට් පිටියට පිවිස තිබෙනවා. ඒ දේශීය ක්‍රිකට් සමාජ කණ්ඩායම් අතර සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කළුතර ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින්ය.

දේශීය ක්‍රිකට් පිටියේ අත්පොත් තබමින් පැවති පළමු තරගයේදී රෝහිත රාජපක්ෂ හට ඒ තරම් සුභදායි නොවූ බවයි වාර්තා වන්නේ. ඔහු අද පැවති තරගයෙන් ලකුණු බිංදුවකට දැවී ගොස් තිබෙනවා. ඒ නාවික හමුදා කණ්ඩායම සමග පැවති තරගයේදී.

ක්‍රිකට් පරිපාලනයට එක්වීම සඳහා තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුව ඇති බවට සඳහන් කරමින් පලවූ මාධ්‍ය වාර්තා ඉකුත් සතියේදී ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා එක්වීමට අනිවාර්යෙන්ම දේශීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර තිබිය යුතු වනවා.

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?