AFC Banner
Empty Ad
Empty Ad

රෝහිත් ශර්මාට අකරතැබ්බයක් – ලැම්බෝගිනිය අධික වේගයෙන් පදවලා

අධිවේගී මාර්ගයක අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් ධාවනය කිරීම සම්බධයෙන් ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මාට දඩ මුදලක් පැනවීමට එරට පොලිසිය කටයතු කර තිබෙනවා.

පසුගිය දා මුම්බායි – පූනේ අධිවේගී මාර්ගයේ ඔහු මෙලෙස අපරික්ෂාකාරී ලෙස ඔහුගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය පදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ශර්මා සිය මෝටර් රථය මාර්ගයේ නියමිත වේග සීමාවන් ඉක්මවා යමින් කිලෝමීටර් 215ක වේගයකින් පදවා ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

ඔහු මෙම සිදුවීමට මුහුණ පෑ දිනය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් පිළිබඳව වාර්තා නොවන අතර, ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සතියේ සඳුදා හෝ අඟහරුවාදා දිනයක දී ඊට මුහුණ පා ඇති බවයි.

ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය සඳහා ඉන්දීය කණ්ඩායම පසුගිය ඉරිදා දිනයේ පූනේ වෙත පැමිණියා.

කෙසේ වෙතත් ඊට පසු දින ඉන්දීය කණ්ඩායම විවේකි දිනයක් වූ බැවින් ශර්මා සිය පවුලේ අය සමඟ මුම්බායි වෙත ගොස් නැවත ඉන්දීය කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට පූනේ වෙත පැමිණෙමින් සිටිය දී මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි ඉන්දීය මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
16
+1
2
+1
1
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?