රෝහලෙන් පැනගිය රෝගීයාට කොරෝනා

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බවට සැක රෝගියෙකු පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර එයින් පැන පලාගොස් තිබෙනවා.

පසුව ඔහු සොයා මෙහෙයුම සිදුවූ අතර ඒ අතරතුර ඔහුගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵලලැබී ඇති අතර ඒ අනුව මෙම රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සිදුකල මෙහෙයුමේදී ආදාළ රෝගියා ඇඹිලිපිටිය නව නගරයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු යළි රෝහල් ගත කළ බවයි. කුට්ටිගල, තෝරගල, පදලංගල ලිපිනියේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ⁣රෝහල් ගත කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?