රෝගී තත්ත්වයන්ට ලක්ව සිටින විශ්‍රාමිකයන් ගැන විශේෂ අවධානයක්

රෝහල්ගත වී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ මැදිහත්වීමක් කිරීමට තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් සහ ලැබිය යුතු සහනයන් පිළිබඳ සොයාබලා, දැනට ඉටු නොවන කරුණු වාර්තා කිරීම සඳහා, රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම කැලණියේ පිහිටි විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම නිකේතනය පරික්ෂා කිරීමටද තමන් එහි ගිය බව පැවසූ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ එයින් ලබාගත යුතු ප්‍රයෝජනය හරියාකාරව ලබා නොගන්නා බවයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මධුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ගෙවීම් කිරීමේදී දරුණු ලෙඩ රෝගවලට ගොදුරුව සිටින විශ්‍රාමිකයන්ට ප්‍රමුඛතාවය ලබාදිය හැකිදැයි මධුර විතානගේ මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නය නැගූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

“ඔව්. ඉතාම වැදගත්. වහාම ඒ පිළිබඳව අපි මැදිහත් වෙන්නන් මන්ත්‍රීතුමා. දැනට තිබුණු මූල්‍ය අර්බුදය නිසා විශ්‍රාමික ගෙවීම සම්පූර්ණ කිරීමට හැකි වෙයි කියලා අප විශ්වාස කරනවා මේ මාසේ. ඒ පිළිබඳ ණය ගැනීමක් හරි කරලා ඔබතුමා ඉල්ලපු හදිසි තත්ත්වය, රෝහල් ගතව ඉන්න අය ගැන විශේෂ මැදිහත්වීමක් කිරීමට මම උපදෙස් දෙන්නම්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07