රොටුඹ රසිකගේ ගෝලයින් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට 

දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි මාකදුරේ මදූෂ්ගේ ගෝලයකු වන මහා පරිමාණ අපරාධකරුවකු වන රොටුඹ රසිකගේ ගෝලයන් සිව් දෙනෙක් අපරාධ සදහා යොදා ගන්නා AK47 වර්ගයේ ගිනි අවියක් සහ ඇමෙරිකාවෙ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් ද සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 12 මිලි ග්‍රෑම් 80 සහ 9mm උණ්ඩ යෙදිය හැකි ඇමරිකාවේ නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ එම මැගිසිනයක්, AK47 වර්ගයේ ගිනි අවියක් හා මැගසිනයක් සමග ගිනි අවි සඟවා තබා ගැනීමට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

මුලටියන සහ මාකදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36, 43, 44, 51, ක් වන පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිහගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ